Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි

12 minutes ago

කොස්ගොඩ අකාඩිගොඩ ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇති බවත් අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී වෙඩික්කරු පොලීසියට හසුවීමෙන් පසු පලායාමට උත්සහ දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙහිදී වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන  තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදු කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *