හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් අපේක්ෂිත ඇප ඉල්ලා අධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමකයි.
ඒ අනුව, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදාහරින ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත අද (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
නීතිඥ ජයබාලන් මහතා මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.
එමෙන්ම, පැමිණිලිකාරිය ලෙස මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ යන නම සඳහන් කර තිබෙනවා.
විදෙස්ගතව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමන් පොලිසිය විසින් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.
ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට