පාපැදියකින් පාසල් යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකු ලංගම බස් රථයක ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (07) පෙරවරු 7.15ට පමණ නෝටන්බ්‍රිජ් – හැටන් ප්‍රධාන මාර්ගයේ බිග්බෝන් ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කළේය.
අනතුරින් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් කනපති දෙමළ මහා විද්‍යාලයේ 7 වන වසරේ ඉගෙනුම ලබන ජෙයරාම් පෝල්රාජ් නමැති සිසුවෙකි.
හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිසුවා ගැටී ඇති අතර, එහිදී ඔහු බස් රථයේ ඉදිරිපස රෝදයට යටවී ඇති බව වාර්තා වෙයි.
පාසල් යාමට පෙර නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සඳහා සිසුවා පාපැදියෙන් නෝටන්බ්‍රිජ් නගරය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්තිගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම ගෙදරට යයි