2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධි චෝදනා භාරදෙන ලදී.
මෙම නඩුවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද මාතර මහාධිකරණයේදී පෙනී සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා ඇත.
එහිදී දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කෙරුණි.
එම ඇප හතරෙන් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු යන්න ද එම ඇප කොන්දේසියේ සඳහන්ය.
මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතව තිබේ.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්තිගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම ගෙදරට යයි