තමන් කිසිදු ආයෝජකයෙකු හෝ ආයෝජන යෝජනාක්‍රමයක් වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදු නොකරන බවත්, තම රූපය සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සියලු වීඩියෝ මුළුමනින්ම ව්‍යාජ ඒවා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති උත්සවයක් අමතමින් ඇය අවධාරණය කළේ, සමාජ මාධ්‍ය සහ WhatsApp මාර්ගයෙන් විවිධ මූල්‍ය හා ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරමින් හුවමාරු වන මෙවැනි අසත්‍ය වීඩියෝවලට හසු නොවන ලෙසයි.
එමෙන්ම සමාජය තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, අදහගැනීමටත් නොහැකි තරම් අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් සහ මූල්‍ය සාක්ෂරතාවක් ජනතාවට තිබිය යුතු බව සඳහන් කළා.
එතරම් පහසුවෙන් සහ ක්ෂණිකව මුදල් ඉපයිය හැකි නම් රටේ සෑම දෙනාටම ඉතා ඉක්මනින් ධනපතියන් විය හැකි බව උපහාසාත්මකව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, තමන් මහන්සියෙන් උපයන මුදල් මෙවැනි වංචාකරුවන්ට හසු නොවී ආරක්ෂා කර ගැනීමටත්, මූල්‍ය සාක්ෂරතාවයෙන් යුතුව අවධානයෙන් කටයුතු කිරීමටත් ජනතාව වගබලා ගත යුතු බව වැඩිදුරටත් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“මගේ රූපරාමු සහ කටහඬ නිර්මාණය කරමින් විවිධ ආයෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මම දැනුවත්. මගේ කිසිදු සම්බන්ධයක් ඒවාට නැහැ. මම කිසිම ආයෝජකයෙකු හෝ එවැනි දේවල් ප්‍රවර්ධනය කිරීමට පෙනී සිටින්නේ නැහැ. මෙවැනි වීඩියෝ දුටු විගස ඒවා ව්‍යාජ බව ඔබ වටහාගත යුතුයි”

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට