සිරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබා දී සිරකරුවන්හට ලබා දෙන ජම්පරය ලබා දුන් බව අද (05) පස්වරුවේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පවසනවා.
ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත්කර ජම්පරය ඇඳ සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.
එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබීමෙන් අනතුරුවය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළා.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට