හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
විදෙස් ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබුණි.
ඇය පැමිණ තිබුණේ, ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමිනි.
පසුගිය සැප්තැම්බර් මස 16වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා ශිරන්ති රාපක්ෂ මහත්මිය පිටත්ව ගිය අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කරනු ලැබීය.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට