හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය කිරීමේ වරදක් සිදුකිරීම, ඊට ආධාර අනුබලදීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු සැකකරුවන් අද (07) දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්තිගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම ගෙදරට යයි