Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි

6 minutes ago

පාපැදියකින් පාසල් යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකු ලංගම බස් රථයක ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (07) පෙරවරු 7.15ට පමණ නෝටන්බ්‍රිජ් – හැටන් ප්‍රධාන මාර්ගයේ බිග්බෝන් ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් කනපති දෙමළ මහා විද්‍යාලයේ 7 වන වසරේ ඉගෙනුම ලබන ජෙයරාම් පෝල්රාජ් නමැති සිසුවෙකි.

හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිසුවා ගැටී ඇති අතර, එහිදී ඔහු බස් රථයේ ඉදිරිපස රෝදයට යටවී ඇති බව වාර්තා වෙයි.

පාසල් යාමට පෙර නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සඳහා සිසුවා පාපැදියෙන් නෝටන්බ්‍රිජ් නගරය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *