පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩුව ලබන දෙසැම්බර් 15 වැනිදා යළි කැදවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (11) නියෝග කළා.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලාෆ් ගෑස් සමාගමට සිතාසි පෙර නඩු දිනයේ දී නිකුත් කර තිබුණා.
ඒ අනුව එම සමාගමේ නිළධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා
ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පවසා සිටියේ, පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය බැවින් ඉදිරි දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටින ලෙසයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නඩුව යළි දෙසැම්බර් 15 කැදවීමට නියෝග කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.

මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු