Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!

1 minute ago

අනුරාධපුර රුවන්වැලි මහසෑය අසල අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් නොවැම්බර් 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම පිරිසට කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තුන්නමක් ඇතුළුව මුළු 7 දෙනෙකු ඇතුළත් වන බව පොලිසිය පවසයි.

රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඊයේ (නොවැම්බර් 12) ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව කස්සප හිමි ඇතුළු මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබිණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *