අනුරාධපුර රුවන්වැලි මහසෑය අසල අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් නොවැම්බර් 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම පිරිසට කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තුන්නමක් ඇතුළුව මුළු 7 දෙනෙකු ඇතුළත් වන බව පොලිසිය පවසයි.
රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඊයේ (නොවැම්බර් 12) ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව කස්සප හිමි ඇතුළු මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබිණි.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි