තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද (14) සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වීමෙන් අනතුරුව, මැතිවරණය අවසන් වී මාසයකට පමණ පසුව තමන් දේශපාලන කටයුතුවලින් ඉවත් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම මැතිවරණයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සිය අත්දැකීම් සහ වර්තමාන ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම සටහන පළ කර තිබෙනවා.
දේශපාලනයෙන් ඉවත්වීමෙන් අනතුරුව පෞද්ගලික සමාගම් ක්ෂේත්රයේ අර්ධකාලීනව ආරම්භ කළ සිය වෘත්තීය කටයුතු ක්‍රමයෙන් පූර්ණකාලීන රැකියාවක් බවට පත්වූ බව ද කංචන විජේසේකර සඳහන් කරනවා.
එම වෘත්තීය ජීවිතය පිළිබඳව තමන් මේ වනවිට තෘප්තිමත්ව සිටින බවයි ඔහු පවසන්නේ.
දේශපාලනයෙන් ඉවත්වීමත් සමඟ පවුලේ සාමාජිකයින් සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, සෞඛ්‍යය, ශාරීරික යෝග්‍යතාව, සංචාර සහ පෞද්ගලික දියුණුව වෙනුවෙන් අවධානය යොමු කිරීමටත් අවස්ථාව ලැබුණු බව ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, නව කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ වෙනස් අත්දැකීම් ලබා ගැනීමට ද තමන්ට හැකි වූ බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සිය දේශපාලන ජීවිතය තුළ ලැබුණු අවස්ථා සහ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කරන කංචන විජේසේකර, මහජන සේවය වෙනුවෙන් තමන් ලබාදුන් දායකත්වය පිළිබඳව තවදුරටත් ආඩම්බර වන බව ද සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, තමන් දේශපාලන ජීවිතයෙන් ඉදිරියට ගොස් ඇති බවත්, නැවත දේශපාලනයට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නොමැති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර, අභාවප්‍රාප්ත සිය පියාගේ 84 වැනි ජන්ම දිනය ද අදට යෙදී ඇති බව සිහිපත් කරමින්, පියාගේ අභාවයෙන් පසු එළඹුණු පළමු උපන් දිනය මෙය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
එම දිනය තමන්ට සිහිපත් කිරීමේ, ආවර්ජනයේ සහ කෘතවේදීත්වයේ දිනයක් බවයි කංචන විජේසේකර සිය සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
කළුතර අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
නුවරඑළියේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට පාසල් සිසුන්ට රු. 10,000ක වවුචරයක්! අවශ්‍ය සුදුසුකම් මෙන්න!
නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන
විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡාවක්
අද කාලගුණ නිවේදනය
ශිරාන් බාසික්ගේ සුපිරි තෙමහල් තෙමල් නිවසක් තහනම් කෙරේ
නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට සහනයක්! ලබන මාසයේ සිට අභ්‍යාස පොත්වල මිලෙහි දැනෙන වෙනසක්!
පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්! 2027 සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට එකතු වෙන අලුත්ම විශය මෙන්න!
කාලගුණයේ වෙනසක්