Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නුවරඑළියේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

20 minutes ago

නුවරඑළිය – තලවාකැලේ (A7) ප්‍රධාන මාර්ගයේ නානුඔය, ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී අද (නොවැම්බර් 14) පෙරවරුවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා කඩිනමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් වාර්තාවලට අනුව, අනතුරට ලක්වූ එක් බස් රථයක් නුවරඑළිය දෙසට ධාවනය වී ඇති අතර, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් බස් රථය නුවරඑළිය සිට අගරපතන දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම ගැටීම සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *