අද (14) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් අනතුරුව තවදුරටත් මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 16 වැනිදා පමණ වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතී.
එමනිසා, 2026 නොවැම්බර් 14 දින උදෑසන 05.30 සිට, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම්දෙයි.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කරයි.

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡාවක්
ශිරාන් බාසික්ගේ සුපිරි තෙමහල් තෙමල් නිවසක් තහනම් කෙරේ
නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට සහනයක්! ලබන මාසයේ සිට අභ්‍යාස පොත්වල මිලෙහි දැනෙන වෙනසක්!
පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්! 2027 සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට එකතු වෙන අලුත්ම විශය මෙන්න!
කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට