සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් අද (22) දින පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වෙයි.
ඇයගේ සිරුර සොයා දිඹුල පතන පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙසේ ඩොවෝන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වී ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නම් 34 හැවිරිදි සිව්දරු මවකි.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලීසියට පැමිණ ඇති ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙනඑන ලෙස දරුවාට පවසා තිබේ.
ඒ අනුව දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවෝන් දිය ඇල්ලට පැන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලීසිය පවසයි.
මව සමග ගිය දරුවා ආපසු පොලීසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහළට පැන්න බව පවසා තිබේ.


ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්රී ලංකාවට සහතිකය