Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලීසියට ගිය සිව්දරු මව සියදිවි නසාගනී! එක් දරුවෙක් උදව් ඉල්ලා කෑ ගසයි!

2 years ago 6.3 K

සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් අද (22) දින පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වෙයි.

ඇයගේ සිරුර සොයා දිඹුල පතන පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙසේ ඩොවෝන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වී ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නම් 34 හැවිරිදි සිව්දරු මවකි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලීසියට පැමිණ ඇති ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙනඑන ලෙස දරුවාට පවසා තිබේ.

ඒ අනුව දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවෝන් දිය ඇල්ලට පැන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලීසිය පවසයි.

මව සමග ගිය දරුවා ආපසු පොලීසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහළට පැන්න බව පවසා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *