Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අම්මා බොරු කියනවා! මාව කවුරුත් පැහැර ගත්තේ නෑ! 15 හැවිරිදි පෙම්වතා එක්ක කැමත්තෙන් ආවේ! – මිනුවන්ගොඩ පාසල් දැරියගෙන් ප්‍රකාශයක්

3 years ago

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය බවට ඇයගේ පවුලේ ඥාතින් විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ වැල්ලවාය පොලිසි විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබෙනවා.

මෙම පාසල් සිසුවිය සහ ඇයව පැහැරගැත්තායැයි චෝදනා එල්ලවන පිරිමි දරුවාද වයස අවුරුදු 15ක පාසල් සිසුන් වන බවයි වාර්තාවන්නේ.

ඔවුන් දෙදෙනාම එකම ප්‍රදේශයක පදිංචිව සිටින සහ එකම පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන් දෙදෙනෙකු වනවා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ වීඩියෝ සමාජගත වී තිබුණා.

කෙසේ වෙතත් මේ සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් මෙම පාසල් සිසුවිය විසින් ඇයගේ මවට වීඩියෝ පණිවිඩයක් ඒවා තිබෙනවා.

එහිදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ අනුහස් නමැති ඇයගේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පැමිණි බවයි.

මව මුලදී මෙම සම්බන්ධයට කැමැත්ත පල කර තිබූ අතර පසුව ඊට විරුද්ධ වූ බවත් වයස අවුරුදු 22ක තරුණයෙකුට තම කැමැත්ත ලබා දෙන ලෙස ඇයට බල කර සිටි බවටද එම දැරිය චෝදනා එල්ල කර සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *