Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් නැවතුම් නීතිය 15 සිට ක්‍රියාත්මකයි! අන්තර් පළාත් බස් රථ සඳහා නැවතීම තහනම් වන බස් නැවතුම්පොළවල් ලයිස්තුවක්!

3 years ago

අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බව සඳහන් වනවා.

ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා ඊයේ (12) පැවසුවේ එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බවත් සඳහන් කළා.

ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ අන්තර් පළාත් බස් රථ නැවතුම්පොළවල් ලෙස කොළඹ සිට ගිංතොට දක්වා ස්ථාන 37 ක් හදුනාගෙන තිබෙනවා.

අන්තර් පළාත් බස් රථ කහ පැහැති බස් රථ ලාංඡනය ඇති ස්ථානවල පමණක් නැවැත්විය හැකි අතර කෙටි ගමන් සේවා බස් රථවලට ද එම නැවතුම්වල බස් රථය නැවැත්විය හැකි බව සඳහන් වෙනවා.

සාමාන්‍ය බස් නැවතුමේ ලාංඡනය වන කළු පැහැති බස් රථය සහිත සංඥා පුවරුව තිබෙන ස්ථානවල අන්තර් පළාත් බස් රථ නවතා තැබිය නොහැකි බවත් එම ස්ථානවල මාර්ග දෙපස නාම පුවරු සවිකර ඇති බවත් සඳහන්.

එය අනුගමනය නොකරන බස් රථවලට සාමාන්‍ය නීතිය සහ ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *