ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.
වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේය.
“මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා. එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට. ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා. දැනට යතුරුපැදියකට ලීටර් 7යි දිලා තියෙන්නේ… ඒක 14ක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රීරෝද රථයට තියෙන ලීටර් 7ත් 14ක් බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා. වැඩිවෙන ප්‍රමාණයන් ටික අපි නිවේදනය කරනවා මිල සංශෝධන වෙන අවස්ථාවේදීම.”


ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය