Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන කෝටාව වැඩිවෙයි! එක් එක් වාහනය සඳහා හිමිවන ඉන්ධන කෝටාව මෙන්න!

3 years ago

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

“මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා. එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට. ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා. දැනට යතුරුපැදියකට ලීටර් 7යි දිලා තියෙන්නේ… ඒක 14ක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රීරෝද රථයට තියෙන ලීටර් 7ත් 14ක් බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා. වැඩිවෙන ප්‍රමාණයන් ටික අපි නිවේදනය කරනවා මිල සංශෝධන වෙන අවස්ථාවේදීම.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *