ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් නිළධාරීන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් දින දා හතරක් හිරේ විලංගුවේ වැටීමට සිද්ධ වූ ආයෝජකයෙකු පිළිබදව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
අදාල ආයෝජකයා, පලස්තීන ජාතිකයෙකි. ඔහු මෙරටට පැමිණ ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක් සහ රෙස්ටුරන්ට් එකක් ආරම්භ කිරීම සදහා ය.
දින දා හතරක් ඇතුලේ සිටීමට ඔහු කර තිබෙන වරද විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීමයි.
විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූවද, ඔහු පලස්තීන ජාතිකයෙක් බවත්, මෙරට තුළ ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් වලංගු විදෙස්ගමන් බලපත්‍රයක් සහිතව රටට ඇතුලු වූ අයෙකු බවත් පලස්තීන තානාපති කාර්යාලය එකී තොරතුරු දැන ගත යුතු පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.
ඊට අමතරව, නැති වූ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ඔහු වෙනුවෙන් අලුත් විදෙස් ගමන් බලපත්රයක්ද පලස්තීන තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන බව පුවත්පත වාර්තා කරයි.
එසේ තිබියදීත්, දින දා හතරක් තිස්සේ කිසිදු චෝදනාවක් ගොනු නොකර, රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට එකී ආයෝජකයාට සිදුව ඇති බව පැවසේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු දත්තවලට අනුවද, මෙම පලස්තීන ජාතිකයා රටට ඇතුලු වී ඇත්තේ වංගු වීසා අවසරපතක් යටතේ ය.
නම හෙළිකිරීමට අකමැති එම ආයෝජකයා, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී තමන්ට මුහුන දීමට සිදු වූ පිළිකුල්සහත තත්ත්වයන් පිළිබදව පුවත්පතට හෙළිකර තිබුණි.


වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය