Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට තුළ ආයෝජනය කිරීමට පැමිණි තවත් ආයෝජකයෙකුට පොලිසියෙන් සුපිරිම සැලකිල්ලක්! වරදක් නැතිව දවස් 14 ක් හිරේ දමයි!

3 years ago

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් නිළධාරීන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් දින දා හතරක් හිරේ විලංගුවේ වැටීමට සිද්ධ වූ ආයෝජකයෙකු පිළිබදව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල ආයෝජකයා, පලස්තීන ජාතිකයෙකි. ඔහු මෙරටට පැමිණ ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක් සහ රෙස්ටුරන්ට් එකක් ආරම්භ කිරීම සදහා ය.

දින දා හතරක් ඇතුලේ සිටීමට ඔහු කර තිබෙන වරද විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීමයි.

විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූවද, ඔහු පලස්තීන ජාතිකයෙක් බවත්, මෙරට තුළ ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් වලංගු විදෙස්ගමන් බලපත්‍රයක් සහිතව රටට ඇතුලු වූ අයෙකු බවත් පලස්තීන තානාපති කාර්යාලය එකී තොරතුරු දැන ගත යුතු පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

ඊට අමතරව, නැති වූ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ඔහු වෙනුවෙන් අලුත් විදෙස් ගමන් බලපත්‍රයක්ද පලස්තීන තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන බව පුවත්පත වාර්තා කරයි.

එසේ තිබියදීත්, දින දා හතරක් තිස්සේ කිසිදු චෝදනාවක් ගොනු නොකර, රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට එකී ආයෝජකයාට සිදුව ඇති බව පැවසේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු දත්තවලට අනුවද, මෙම පලස්තීන ජාතිකයා රටට ඇතුලු වී ඇත්තේ වංගු වීසා අවසරපතක් යටතේ ය.

නම හෙළිකිරීමට අකමැති එම ආයෝජකයා, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී තමන්ට මුහුන දීමට සිදු වූ පිළිකුල්සහත තත්ත්වයන් පිළිබදව පුවත්පතට හෙළිකර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *