Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධික වේගයෙන් රිය පැදවූ ෆින්ලන්ත කෝටිපති රියදුරුට කෝටි 5 ක දඩයක්

3 years ago

වේගයෙන් රිය පැදවීමේ වරදකට හසුවූ  ෆින්ලන්තයේ ධනවත් රියදුරෙකුට ඩොලර් 174,100 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 5 ක පමණ) දඩයක් නියම කර ඇති පුවතක් වාර්තාවේ.

එරට එවැනි දඬුවම් වැරදිකරුවෙකුගේ ආදායම මත ගණනය කෙරෙන නිසා මෙතරම් විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇත.

ඇන්ඩර්ස් වික්ලොෆ් නමැති ව්‍යාපාරිකයෙකු මෙම වරදට හසුව ඇත.

ෆින්ලන්තයේ ස්වයං පාලන කලාපයක් වන ඇලන්ඩ් දූපත් සඳහා වන ප්‍රධාන පුවත්පත, සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ඇන්ඩර්ස් වික්ලොෆ් උපුටා දක්වමින් කියා ඇත්තේ “මම කාරණය ගැන ඇත්තටම කනගාටු වෙන” බවයි.

ඡායාරූපයේ දැක්වෙන මාර්ගයේ වික්ලොෆ්  පැයට කිලෝමීටර් 82 ක වේගයෙන් පැයට කිලෝමීටර් 50 ක කලාපයක ධාවනය කරමින් සිටියදී පොලිසිය ඔහුට සෙනසුරාදා නතර කර තිබිණි. දඩ මුදල ලබා ගැනීමත් සමඟ ඔහුගේ රියදුරු බලපත්‍රය දින 10කට අත්හිටුවා ඇති බව වාර්තා වේ.

වික්ලොෆ් වේගයෙන් රිය පදවා අසු වූ පළමු අවස්ථාව එය නොවන බවද සදහන් වේ. 2018 දී ඔහුට ඩොලර් 91,600 (කෝටි දෙකහමාරක පමණ) දඩයක් නියම කරන ලද අතර, වසර පහකට පෙර ඔහුට ඩොලර් 136,700 (කෝටි 4 ක) ක් ගෙවන්නට සිදුව ඇත.

ආලන්ඩ් හි උපන් වික්ලොෆ්, සැපයුම්, හෙලිකොප්ටර් සේවා, දේපළ වෙළඳාම්, වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රවල ව්‍යාපාර ඇතුළත් හෝල්ඩින් සමාගමක සභාපති බව වාර්තාවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *