වේගයෙන් රිය පැදවීමේ වරදකට හසුවූ ෆින්ලන්තයේ ධනවත් රියදුරෙකුට ඩොලර් 174,100 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 5 ක පමණ) දඩයක් නියම කර ඇති පුවතක් වාර්තාවේ.
එරට එවැනි දඬුවම් වැරදිකරුවෙකුගේ ආදායම මත ගණනය කෙරෙන නිසා මෙතරම් විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇත.
ඇන්ඩර්ස් වික්ලොෆ් නමැති ව්‍යාපාරිකයෙකු මෙම වරදට හසුව ඇත.
ෆින්ලන්තයේ ස්වයං පාලන කලාපයක් වන ඇලන්ඩ් දූපත් සඳහා වන ප්‍රධාන පුවත්පත, සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ඇන්ඩර්ස් වික්ලොෆ් උපුටා දක්වමින් කියා ඇත්තේ “මම කාරණය ගැන ඇත්තටම කනගාටු වෙන” බවයි.
ඡායාරූපයේ දැක්වෙන මාර්ගයේ වික්ලොෆ් පැයට කිලෝමීටර් 82 ක වේගයෙන් පැයට කිලෝමීටර් 50 ක කලාපයක ධාවනය කරමින් සිටියදී පොලිසිය ඔහුට සෙනසුරාදා නතර කර තිබිණි. දඩ මුදල ලබා ගැනීමත් සමඟ ඔහුගේ රියදුරු බලපත්‍රය දින 10කට අත්හිටුවා ඇති බව වාර්තා වේ.
වික්ලොෆ් වේගයෙන් රිය පදවා අසු වූ පළමු අවස්ථාව එය නොවන බවද සදහන් වේ. 2018 දී ඔහුට ඩොලර් 91,600 (කෝටි දෙකහමාරක පමණ) දඩයක් නියම කරන ලද අතර, වසර පහකට පෙර ඔහුට ඩොලර් 136,700 (කෝටි 4 ක) ක් ගෙවන්නට සිදුව ඇත.
ආලන්ඩ් හි උපන් වික්ලොෆ්, සැපයුම්, හෙලිකොප්ටර් සේවා, දේපළ වෙළඳාම්, වෙළඳ සහ සංචාරක ක්ෂේත්රවල ව්‍යාපාර ඇතුළත් හෝල්ඩින් සමාගමක සභාපති බව වාර්තාවේ.


අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට