මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ(14) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වූ ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගේට්ටුවේ එල්ලී දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලිසිය පැවසූහ. ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්