Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කඩාවැටුණු ගේට්ටුව තුන් හැවිරිදි දරුවාට මරු කැඳවයි

3 years ago

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ(14) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වූ ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගේට්ටුවේ එල්ලී දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලිසිය පැවසූහ. ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *