වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.
ඒ වෙනුවට දිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමිනි.
අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.


රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්