අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබේ.
ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විටත් එම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.
කෙසේවෙතත් හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇත.
සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබේ.
ඒ අනුව මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන බව සමාජ ප්රතිලාභ මණ්ඩලය පැවසුවේය.
එම පුද්ගලයින් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ අලුතින් අයදුම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද සඳහන්ය.
අස්වැසුම දීමනාලාභීන්ගේ නාමලේඛනය මෙතනින්


ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්