ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගැනීමට සහය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
2022.07.09 වන දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි රැඳී සිටි කාල සීමාවේ ජනාධිපති මන්දිරය තුළ පැවැති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදහන්ව තිබුණා.
එම නිවේදනයේ දැක්වෙන්නේ පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදාට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අනුව ඒ සම්බන්ධව තොරතුරුක් ඇත්නම් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කිරීමට හැකි.
නිල ලාංඡනවල ආකෘති පහතින් දැක්වේ.


විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි