අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවක තිබියදී බිළිඳියකගේ සහ මවකගේ සිරුරු සොයාගෙන තිබේ.
පොලීසිය සැකකරන්නේ පසුගියදා අඟුරුවාතොට, ඌරුතුඩාව ප්රදේශයේ අතුරුදන්වූ බව කියූ 24 හැවිරිදි එක්දරු මවගේ සහ මාස 11ක් පමණ වයසැති ඇයගේ බිළිඳියගේ සිරුරු එලෙස හමුවී ඇති බවය.
නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්රදේශයක තිබියදී ප්රදේශවාසීන් හා පොලීසිය විසින් අද එම සිරුරු සොයාගෙන තිබේ.
සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි සිදුකර ඇති බවද වාර්තා වෙයි.
සිඟිත්තිය සමඟ ඇය අතුරුදන්ව ඇති බවට පසුගියදා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්විය.
පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය වී තිබුණි.
අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණි.


ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්රහාර මාලාවක්
මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට