මේ දිනවල දැඩි කතා බහක් නිර්මාණය වී ඇති ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ ආධාර උපකාර සහිතව ගිය පිරිස අතරට තවත් කිහිප දෙනෙකුගේ නම් අනාවරණ වී තිබෙනවා.
එම තරග නැරඹීම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීම වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපි නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියා වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ නම් බවටයි වාර්තා වන්නේ.
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලානය සඳහා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කෙටුම්පතක් පසුගිය සතියේ හෙළිදරව් කෙරුණා.
එහි දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිලධාරීන් ඇතුලු පිරිස ඔස්ට්‍රේලියාවට යැවීම වෙනුවෙන් රුපියල් මිලියන 68ක් වියදම් කර ඇති බවයි.
එම සංචාරයට එක්වූ පුද්ගලයන් 35 දෙනෙකුගේ නම් ද එහිදී හෙළිදරව් කෙරුණා.
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අනුමත ලිපි ඉල්ලා තිබූ නම් 21 අතරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් ලෙස සැලකෙන ආර්.ඒ.ෂනාලි දිනුෂිකා සහ ආර්.ඒ.සාරා දිනාලිගේ නම්ද ඇතුළත් වනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වීසා බලපත්‍ර අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත් ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවයි.
ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පමණක් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.


නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ