ගල්කිස්ස ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා එම පාසලේ මුරකරුට පහර දී උඩු මහලකින් තල්ලු කළ බව කියන සිදුවීමක් වාර්තා වනවා.
තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන මුරකරු පවසන්නේ විදුහල්පතිවරයා පාසල තුළ මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ක්‍රියාව සිදුකළ බවය.
ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක රාත්‍රී මුරකරුවකු ලෙස කටයුතු කරන 28 හැවිරිදි දුලංජන කසුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ඉකුත් 24 වනදාය.
ශරීරය පුරා තැලුම් තුවාල මෙන්ම පාද පවා දිග හැරිය නොහැකිව රෝහල් ගත කෙරෙන ඔහු, පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත මාරු කෙරෙන්නේ අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙනි.
මේ වනවිට යම් තරමක් සුවයක් ලබා සිටින කසුන්,තමා මුහුණ දුන් සිදුවීම මෙලෙස පැහැදිලි කළේය.
“නිදාගෙන ඉන්නේ ස්ලැබ් එක උඩ රස්නේ හින්දා… එයා එනවා හොඳටම බීලා. ඒ කරලා මට හොඳටම ගහනවා. ගහලා ස්ලැබ් එක උඩින් පිටිපස්සේ පැත්තට විසික් කරනවා මාව. ඔක්කෝටම හොරෙන් ඔෆිස් එක ඇතුළේ මාව තියාගෙන ඉන්නවා. අමාරු වෙනකල් තියාගෙන ඉඳලා තමා 1990 හොස්පිටල් දාන්නේ.”
පාසලේ විදුහල්පතිවරයාගේ මිතුරන් පාසල වෙත ගෙන්වා පවත්වන මත්පැන් සාද සඳහා කට ගැස්ම පවා සෑදීමට සිය පුත්‍රයාට සිදුවූ බවට කසුන්ගේ මව චෝදනා කරයි.
“සෙනසුරාදා මම පුතාට කෝල් එකක් ගත්තාම ෆෝන් එක වැඩ කළේ නෑ. මම ඉරිදත් ගත්තා ඉරිදා වැඩ කළේ නෑ.
මම සඳුදත් ගත්තාම ෆෝන් එක ආන්සර් කළේ විදුහල්පතිතුමා. එයා කිව්වා දුලාංජන තීන්ත ගානකොට වැටිලා ඉන්නවා මෙහෙමයි කියලා. ඇවිල්ලා එක්කන් යන්න කියලා. මම කිව්වා මම එනකල් ඉන්න එපා හොස්පිටල් එකට බාරදෙන්න කියලා.
මම ඩොක්ටර්ගෙන් ඇහුවම කිව්වා සුසුම්නාවට හානි සිදුවෙලා කියලා. මුළු ඇඟ පුරාම තැලුම් තුවාල ගහලා වගේ. මම පුතාගෙන් ඇහුවා මොකද වුණේ කියලා. මට විදුහල්පති පහරදුන්නා ඔළුව වැදුනා මට මතක නෑ කිව්වා. මම එවෙලෙම ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. නමුත් ඒ ගැන තවමත් කිසිම ප්‍රතිචාරයක් නෑ. මේකට මට සාධාරණයක් කරලා දෙන්න…”
ඥාතීන් පවසන්නේ මේ වනවිට එම තරුණයාගේ සුසුම්නාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බවය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ඉකුත් 25 වැනි දින මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විවිධ පැමිණිලි අංශයට යොමු කර ඇති බවය.
නමුත් විදුහල්පතිවරයා මෙම පහරදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය. (adaderana)


නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ