ගාල්ල නොනිදන නගරයක් බවට පත් කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ගාල්ල වාණිජ මණ්ඩලය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක්ව ආරම්භ කොට ඇති බවගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල වාණිජ මණ්ඩලයේ සභාපති හේමන්ත ගමගේ මහතා සඳහන් කළා.
මේ යටතේ මෙම මස 5 හා 6 යන දෙදින තුළ ගාල්ල කොටුව බාලදක්ෂ මාවත ආශ්‍රිතව මෙම රාත්‍රි නගරය ක්‍රියාත්මක කරන බව ද ගාල්ල වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.
මේ යටතේ ගාල්ල කොටුව ආශ්රිත ප්‍රදේශයේ රාත්‍රී කාලයේ රැඳී සිටිමින් භාණ්ඩ මිලදී ගැනීම, උසස් රසවින්දනය, විනෝදාශ්වාදනය, දේශීය ආහාර පාන ලබාගැනීම ඇතුළු පහසුකම් රැසක් සලසා දී තිබෙන බවද හෙතෙම සඳහන් කර සිටියා.
ඉදිරි කාලයේ දී ගාල්ල නගරය අශ්‍රිතව සෑම සති අන්තයක දීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද හේමන්ත ගමගේ මහතා පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දැක් වූ ගාල්ල වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ මහේන්ද්‍ර ලියනගේ මහතා සඳහන් කළේ මීට දශක දෙකකට පමණ පෙර ගාල්ල නගරය රාත්‍රී නගරයක් බවට පත්ව තිබුණු නමුත් පසුකාලයේදී ගාල්ල නගරය නිදන නගරයක් බවට පත් පත්වූ බවයි.
කෙසේ වෙතත් තම අපේක්ෂාව ගාල්ල නගරය පෙර පැවති පරිද්දෙන් නොනිදන වෙළෙඳ නගරයක් බවට පත් කිරීම බවද මහේන්ද්‍ර ලියනගේ මහතා පැවසුවා.

ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්