අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, මුල්ලේගම, පදිංචි දිනිති තිමාරා නමැති දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකි.
ඇය ඊයෙ (18) උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින් සිටියදී “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා ” යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.
පසුව මව විසින් නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක් දියණිගේ අතෙහි ගල්වා අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
පසුව අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.


අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්