මහනුවර ශික්ෂණ රෝහලේ පැවැත්වෙන සායනයකට ගොස් යළි නිවස කරා බස් රථයෙන් ගමන් කරමින් සිටි දෙදරු පියෙකු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දික්ඔය බටල්ගල ඉහළ කොටසේ පදිංචි පුද්ගලයෙක්. ජීවිතක්ෂයට පත් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර ඔහු බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මාසයකට වරක් මහනුවර ශික්ෂණ රෝහලේ සායන කටයුතුවලට යන බව සඳහන්.
ඊයේ (19) නිවසින් පිට වූ ඔහු අද උදෑසන සායන කටයුතුවලට සහභාගි වී හැටන් සිට පොඩයිස් දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටියදී මෙලෙස බස් රථය තුල ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම පුද්ගලයා බස් රථයෙන් බැස නොයෑම සම්බන්ධයෙන් සැක සිතූ සෙසු මගීන් ඒ පිළිබඳ රියදුරා සහ කොන්දොස්තරවරයා දැනුවත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදීයි ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ.
හැටන් පොලිසියේ උපදෙස් පරිදි මියගිය දෙදරු පියාගේ සිරුර එම බස් රථයෙන්ම දික්ඔය මූලික රෝහල වෙත රැගෙන ගොස් භාර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.





කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි