Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නරේන්ද්‍ර මෝදි ඉල්ලා අස්වෙයි

2 years ago

අදියර 7කින් පැවැත් වූ ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵලයට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ජය හිමිව තිබේ.

වත්මන් ඉන්දීය රජයේ අවසන් කැබිනට් රැස්වීමද නරේන්ද්‍ර මොදිගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී නව රජයක් පිහිටුවීම වෙනුවෙන් ලෝක් සභාව විසුරුවා හැරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපතිවරයා හමු වූ නරේන්ද්‍ර මෝදි තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දුන්නා.

එහිදී ජනාධිපතිවරියද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.

නව රජයක් පිහිටුවීම පිලිබඳව ජයග්‍රාහී සන්ධානයේ විශේෂ සාකච්ඡා වටයක් ඊයේ පැවැති අතර එහිදී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය වරයා ලෙස සිය තුන්වැනි ධුර කාලයේ දිවුරුම් දීම ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *