අදියර 7කින් පැවැත් වූ ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵලයට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයට ජය හිමිව තිබේ.
වත්මන් ඉන්දීය රජයේ අවසන් කැබිනට් රැස්වීමද නරේන්ද්‍ර මොදිගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී නව රජයක් පිහිටුවීම වෙනුවෙන් ලෝක් සභාව විසුරුවා හැරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එම කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපතිවරයා හමු වූ නරේන්ද්‍ර මෝදි තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දුන්නා.
එහිදී ජනාධිපතිවරියද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.
නව රජයක් පිහිටුවීම පිලිබඳව ජයග්‍රාහී සන්ධානයේ විශේෂ සාකච්ඡා වටයක් ඊයේ පැවැති අතර එහිදී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය වරයා ලෙස සිය තුන්වැනි ධුර කාලයේ දිවුරුම් දීම ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය