මල්වතු මහා විහාර පාර්ශවයේ බදුල්ල බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරය දැරූ පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කර තිබෙනවා.
අප්රියකාරී ශාසන විරෝදි ක්‍රියාවන් හේතුවෙන් අදාල තීරණය ගත් බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මහමුනේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරන මීවන පලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම.
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාරපාර්ශවයේ භික්ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම සහ සාවද්‍ය මත මතවාද ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ චෝදනා යටතේ පසුගියදා 04 වැනිදා රැස්වූ කාරක මහා සංඝ සභාව විසින් ඒකමතිකව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය