Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රකට හිමිනමකගේ සංඝනායක ධූරය ඉවත් කිරීමට තීරණයක්

2 years ago

මල්වතු මහා විහාර පාර්ශවයේ බදුල්ල බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරය දැරූ පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කර තිබෙනවා.

අප්‍රියකාරී ශාසන විරෝදි ක්‍රියාවන් හේතුවෙන් අදාල තීරණය ගත් බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මහමුනේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරන මීවන පලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාරපාර්ශවයේ භික්ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම සහ සාවද්‍ය මත මතවාද ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ චෝදනා යටතේ පසුගියදා 04 වැනිදා රැස්වූ කාරක මහා සංඝ සභාව විසින් ඒකමතිකව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *