අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටින වසය අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන චීවරධාරියෙකු පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධව තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නව නගරය ආසන්නයේ ඇති විහාරස්ථානයක වාසය කළ 22 හැවිරිදි චීවරධාරියෙක්.
පැමිණිලිකාර හිමිනම වෙනත් විහාරස්ථානයක පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර අවශ්‍යතාවයකට කලින් සිටි විහාරස්ථානයට වැඩම කළ අවස්තාවේ සිද්ධියට මුහුණ පා ඇති බවයි වාර්තා වෙන්නේ.
පැමිණිලිකාර බාලවයස්කාර හිමි නම මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ