ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියර අද(01) ආරම්භ විය.
තරගාවලිය අරඹමින් පැවති කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගයෙන් දඹුල්ල කණ්ඩායම පරදා කඩුළු 6ක පහසු ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස්කළේය.
එහිදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මාක් චැප්මන් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් රැස්කළේය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක කඩුලු 03ක් දවාගත්තේ ලකුණු 20ක් පමණක් ලබා දෙමිනි.
ලකුණු 180ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් පහසු ජයක් වාර්තා කළේය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක් රැස් කළේය.
ඉනිමේ අවසාන භාගයේදී වේගවත් ඉනිමක් දියත් කළ දසුන් ශානක පන්දු 15කින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේය.



විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි