අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී කේ. සුජීවාව ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.
ශල්‍යකර්මයෙන් අනතුරුව ඇයව සාමාන්‍ය වට්ටුවකට ඇතුළත් කළ බවයි වෛද්‍යවරයා පවසන්නේ.
ඇයගේ තත්වය මේ වනවිට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.



ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්