වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියකි.
මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.
ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක සිදුකළ මෙම අමානුෂික පහරදීම සිදු කර තිබුණි.
මෙම දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර කතාකීම හේතුවෙන් ඇයට පහරදී අව්වේ දණ ගැස්සවූ බව ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා තිබුණි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර ඔවුන් දෙදෙනාව පසුගිය සැප්තැම්බර් 13 වනදා ශරීර ඇප මත මුදා හැර තිබුණා.
අදාළ සැකකාර ගුරුවරියන් දෙදෙනා 39 හා 57 යන වයස්වල පසුවන බව සඳහන්.
අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදුව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.
අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබේ.
පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය නොවැම්බර් 13වනදා රාත්‍රියේ මියගොස් ඇති බවය.
මියගිය සිසුවියගේ දේහය පසුගිය සිකුරාදා(15) පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට
දුස්ත්රික්ක කිහිපයකට මි.මී 200 ඉක්ම වූ ඉතා තද වැසි
ඉදිරි දේශපාලන ගමන ගැන හර්ෂ ද සිල්වාගෙන් තීරණාත්මක ෆේස්බුක් සටහනක්