Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වගා හානි සඳහා වන්දි ලැබෙන්නේ මෙහෙමයි

1 year ago

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහා මාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යටවීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වුණා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024-12-02 දින වන විට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300 ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති අතර, කුඹුරු අක්කර 86,225 ක් පමණ අර්ධ හානියට ලක්ව තිබුණා.

ඊට අමතරව, සුළු වාරි මාර්ග 173 ක් පුර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, 1,148කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගා අක්කර 750ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වුණා.

තවද, හානියට පත් කුඹුරු වල නැවත මාස 2 1/2 හෝ මාස 3 වී ප්‍රභේදයන් හෝ සුදුසු කෙටිකාලීන භෝගයන් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සපයා දීමට කෘෂිකර්ම දෙපාර්මේන්තුව විසින් කටයුතු කරමින් සිටීනවා.

පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/- හා හානි පූරණය ද, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලුණු සහ සෝයා බෝංචි යන භෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/-ක හානි පුරණයක් ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන වලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *