Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

29 minutes ago

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශය ලබන මැයි මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇති බවයි.

මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය ගැන කරුණු විමසීමට කළ කැඳවීම භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ලිපියක් මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත්, අද (30) පස්වරු 1:00ට ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව පසුව වාර්තා විය.

මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කළේ භාණ්ඩාගාර ලේකම්වරයා කාරක සභාව හමුවේ පෙනී සිටීම කිසිසේත් ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *