අය වැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.
මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.
රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවටත් යෝජනා විය.
මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.






හැමෝම භාවිත කරන සබන් කෑල්ල ඇඟේ ගෑවොත් මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..
පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ට වැඩ වරදී! නව පනතක්!
ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට
අනුරාධපුර දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට
විදෙස් ප්‍රේෂණවලින් මෙරට ඉතිහාසයේ ලොකුම වාර්තාව මේ වසරේදී?
හිටපු ඇමති මනූෂ අධිකරණයෙන් කළ ඉල්ලීම
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින්
එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි