Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුර දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට

44 minutes ago

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ එම දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) රැස්වූ අවස්ථාවේදීය.

අදාළ ආයතන සමඟ ජුනි 05 විශේෂ සාකච්ඡාවක්

සිද්ධියට අදාළ ඉදිරි පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් එළඹෙන ජුනි මස 05 වන දින පැවැත්වීමට මෙහිදී සැලසුම් කර ඇත.

සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, රට තුළ ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති රීති සැකසීම සහ ආයතන බලගැන්වීම පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

කටයුතු අධීක්ෂණයට විශේෂ අනු කමිටුවක්

අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි අධීක්ෂණය කිරීම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලික අරමුණ වී තිබේ.

ඊට අමතරව, කාන්තා හා ළමා හිංසනය මුළුමනින්ම පිටුදැකීම සඳහා රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ විශේෂ “අනු කමිටුවක්” පත් කර ඒ හරහා ඉදිරි කටයුතු මෙහෙයවීමට ද මෙම රැස්වීමේදී තීරණය විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *