Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ට වැඩ වරදී! නව පනතක්!

33 minutes ago

ජන වරමට එරෙහිව පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය සාකච්ඡවට එක්වෙමින්.

පාර්ලිමේන්තුවේ සිටින කිසිදු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයට ගැනීමේ කැමැත්තක් හෝ උත්සාහයක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මේ රටේ ජනතාව 2024 නොවැම්බර් මාසයේ දී අලුත් පාර්ලිමේන්තුවක් පත් කළා. ආණ්ඩු පක්ෂයට එකසිය පනස් නව දෙනෙකු පත් කළා. කොටසක් විපක්ෂයට පත් කළා. ඒ ජනවරමට අපි ගරු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩුවට ගන්න අපේ කිසිම කැමැත්තක්  හෝ උත්සාහයක් නෑ. සමහරුන්ගේ එහෙම කැමති තිබුණට අර හීනෙන් උදේ ඇහැරෙනකොට හරි කිව්වට මටත් කතා කලා. ඒ ගොල්ලන්ගේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කවුරුත් ආණ්ඩුව පැත්තට ගන්න, එපමණක් නොවේ ජන වරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *