Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට

40 minutes ago

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයුම් කරනු ලබන ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් (05) එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායි ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මඟහැර වසර කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටි මොහු, එහිදී මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු සහ ධන කුවේරයෙකු ලෙස පෙනී සිටිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇත. එලෙස සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය අඛණ්ඩව මෙහෙයවා ඇත්තේ මොහු විසිනි.

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව ද සඳහන්.

කෙසේවෙතත් මොහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරටට නිල වශයෙන් මේ දක්වා දැනුම්දීමක් කර නොමැත

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *